32.2 C
Colombo
2026-02-19
mediahumanrights.lk
Local NewsNews

“දඩාස්‌ ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළ

මාතර කුඹල්ගමදී වෙළඳසැලක් තුල අඹුසැමි යුවළක් ගෙලවැලලාගෙන මියගොස් තිබුණා.
අධික ණය බර නිසා මෙලෙස මෙම යුවළ ගෙලවැලලාගෙන ඇති බවට මියයාම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් 75 හැවිරිදි අනුලාවතී නම් කාන්තාව ප්‍රකාශ කරනවා..
මෙලෙස අවසන් ගමන් ගොස් තිබුණේ මාතර කුඹල්ගම පදිංචි 43 හැවිරිදි වනියගේ සමන් විඡේසිංහ සහ ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි මාතර ආරච්චිගේ රේණුකා යන දෙදෙනායි.
මෙම යුවළගේ ජීවිත නැතිකරගැනීම ගැන සාක්ෂි ලබාදුන් මියගිය පුත්‍රයාගේ මව සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ මෙවැනි කතාවක්.
“මේ මියගියේ මගේ පස්වැනි දරුවා. මම විවාහ වෙලා අවුරුදු 56 ක්.
මගේ සැමියා ජීවතුන් අතර නැහැ. මැරුණු පුතා විවාහ වෙලා ඉන්නේ. ඒත් එයාලට දරුවෝ හිටියේ නැහැ.
අපි පදිංචි නිවසට යාබදව අපේ ව්‍යාපාරික ස්‌ථාන දෙකක්‌ පුතා හා මම වෙනවෙනම කරගෙන ගියා.
උත්සව භාණ්‌ඩ බදු දීම හා පින්තූර රාමු කිරීම හා සාප්පු බඩු වෙළෙඳාම සිදුකළ අතර පුතා විසින් රථ වලින් පිටස්‌තර ප්‍රදේශවලට බඩුගෙනවිත් ජංගම වෙළෙදාමක්‌ද කළා. ලේලි විසින් කඩය පවත්වාගෙන ගියා.
පුතාගේ ව්‍යාපාර කටයුතු අඩපණ වී පිටස්‌තරින් මුදල් පොලියට දෙන්නන්ගෙන් පොලියට මුදල් ලබාගෙන එයට මුදල් ගෙවා ගැනීමට නොහැකිව ව්‍යාපාර කටයුතු බංකොලොත් වී සිටියා.
2018.03.26 දින පොලීකරුවන් දෙදෙනකු සවස 6.00 ට පමණ රුපියල් ලක්‍ෂ 05 ක්‌ද එක්‌ අයෙකුට එක්‌ලක්‍ෂ අසූදහසක මුදලක්‌ ද දීමට තිබෙන බවට පුතා විසින් දුන් දුරකථන පණිවුඩයකින් මට දැනගන්නට ලැබුණා.
පුතාට අපල බැවින් සවස්‌වරුවේ බෝධි පූජාවක් තියන්න අපි ලෑස්ති වුණා.
ලේලිය සොයද්දී ඔවුන්ගේ නිවස පිටුපසට ඇති පින්තූර රාමුකරන කොටසේ වහලේ ඇති යටලීයක පුතා විසින් ගුරු පාට නයිලෝන් ලනු පටවල් හතරකින් ගෙල වැලලාගෙන එල්ලී සිටියා.
එම යටලීයට අඩි 2 1/2 ඈතින් ලේලියද නයිලෝන් ලනු පටවල් කීපයකින් ගෙල වැලලාගෙන පහතට එල්ලෙමින් සිටියා.
මම කෑ ගැසුවා. පසුව එහි පැමිණි අයගේ උදව්වෙන් පිහියක්‌ ගෙන ඉනිමගකට නැග මුලින්ම පුතාගේ බෙල්ලේ තිබූ ලණුව කැපුවා. අල්ලාගෙන සිටි අයට පාලනය කර ගැනීමට නොහැකිව එක්‌වරම දඩාස්‌ ගා පුතා එතැන ඇති පින්තූර තබා ඇති ගොඩට ඇද වැටුණා.
ලේලිගේ බෙල්ලේ තිබූ ලණුවද කැපුවා. දෙදෙනාම මාතර රෝහලට ගෙන ආවා. මම සිහිය නොමැතිව සිටියා. පුතාට සහ ලේලිට පැවැති අධික ණය බර නිසා මෙසේ ගෙල වැලලා ගන්න ඇති කියලා හිතනවා.

(under the courtesy of adaderana.lk news web)20

Related posts

ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

Shiran Viraj

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

Shiran Viraj

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

Shiran Viraj
Translate »