mediahumanrights.lk
NewsPolitical

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ප්‍රමාද දෝෂයක් පවතින හෙයින් පාර්ලිමේන්තු සැසිය නැවතත් කැඳවීම සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුව තිබේ.
පාර්ලිමේන්තු සැසිය නැවත මැයි මස 08 දා කැඳවීමට දින නියම කර තිබුණත් එහි වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙසේ නව ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව ඇත.
පසුගිය 12 දා ජනපතිවරයා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කළේය.
අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සිදුවන්නේ සිරිසේන මහතා සිය එංගලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු බවද පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

Shiran Viraj

තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ට

Shiran Viraj

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj
Translate »