mediahumanrights.lk
NewsSportsSports News

කොල්කටා නයිට්රයිඩර්ස්ට ජය

ඉන්දියන් ප්‍රිමියර් ලීක් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයකින් ලකුණු 71ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණඩායම සමත් වුණා. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම  පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20තුළ කඩුලූ 9ක් දැවී ලකුණු 200ක් රැස්කළා. නිතිෂ් රණා පන්දු 35කදී ලකුණු 59යි. වේගවත් ඉනිමක් ක්‍රිඩාකළ   ඇන්ඩ්‍රි රසල් පන්දු 12කදී ලකුණු 41ක් රැස්කළා.
ඒ දැවැන්ත හයේ පහර 6ක් සමගයි. පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට  පන්දුවාර 14යි පන්දු 2කදී සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි.
ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22 කදී ලකුණු 47ක් රැස්කළද එය ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Shiran Viraj

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා

Shiran Viraj

වස විස නැති අපේ උරුමයට පණ පොවන දෑත්

Shiran Viraj
Translate »