23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
International NewsNews

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව ය.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, තුවාල ලැබූ අයගේ තත්ත්වය ඉතා බරපතල බව ය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ පෙම්වතා බව අමෙරිකානු පොලීසිය ප්‍රකාශ කළේ ය.
වෙඩි ප්‍රහාරය කුමක් අරමුණෙන් සිදු කළා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත

Related posts

කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…

Shiran Viraj

කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්න

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj
Translate »