mediahumanrights.lk
News Political

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ (18) රාත‍්‍රියේ නැවත රැස් වී තිබෙනවා.
එස්. බී. දිසානායක මන්ත‍්‍රිවරයාගේ නිවසේදී ඔවුන් මෙලෙස රැස් වී තිබෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
කෙසේ වෙතත් විදේශගතව සිටීම හේතුවෙන් සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත‍්‍රිවරුන් මෙම රැස්වීමට සහභාගී වී සිට නැහැ.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවකත් ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj