mediahumanrights.lk
Local NewsNews

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී.
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු වරට ඩොලර් බිලියන තුන දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ කරුණු හෙළි කළේය.
පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් අපනයන සිදුකර ඇති බව ද මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගත් දෙවන විශාලතම ගැනුම්කරුවා වන්නේ එක්සත් රාජධානිය බවද එහිදී හෙළිවිය.
ඩොලර් බිලියන 1.3 ඉක්ම වූ වටිනාකමකින් යුත් අපනයන ප්‍රමාණයක් එක්සත් රාජධානියක මිලදී ගෙන තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…

Shiran Viraj

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Shiran Viraj

රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj
Translate »