32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එරෙහි විශ්වාසභංගය අද කතානායකවරයාට

විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිමේදී රජයට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු පිරිසට එරෙහිව අද කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේ දැනටමත් එම යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බවයි.
ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාමේදී අදාළ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් විශ්වාසය බිඳ වැටී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්ද විමසන අවස්ථාවෙන් බැහැරව සිටි අතර තවත් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.
මේ අතර අප්‍රේල් මස පළමුවන රැස්වීම් සතියේ සිව් වන දිනය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ.
රජයේ මුදල් පිළිබඳ කාරකසභාව සහ අධ්‍යාපන හා මානව සම්පත්  සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභාව යටතේ වූ උසස් අධ්‍යාපනය පිළිබඳ අනුකාරකසභාව අද රැස්විමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Shiran Viraj

රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයට

Shiran Viraj

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Shiran Viraj
Translate »