mediahumanrights.lk
NewsPolitical

පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේ

දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් වීමට නියමිත පළාත් සභා තුනද ඇතුළුව පළාත් සභා හයක ඡන්දය මේ වසර අගදි පැවැත්වීමට රජය තීරණය කර ඇත.

රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ මැතිවරණ කොමිසම විසින් මෙම පළාත් සභා හයේ මැතිවරණය මෙම වසරේ පවත්වන ලෙසට කළ නිර්දේශය අනුවය.
ඒ අනුව දැනට නිල කාලය අවසන්ව ඇති සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභාවන්හිද නිල කාලය ලබන සැප්තැම්බර් මසින් අවසන්විමට ඇති මධ්‍යම, උතුර හා වයඹ යන පළාත් සභාවන්හිද මැතිවරණය මෙම වසරේ අග පැවැත්විමට හැකිවේ.

මේ වසරේදි පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීමට දේශපාලන අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට නියමිත අතර එසේ කිරීමට හේතුවී ඇත්තේ් නව පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ක්‍රමයේ ඇති දුර්වලතා හේතුවෙනි.

ඉහත කී පළාත් සභා සඳහා  මැතිවරණ මේ වසරේ පැවැත්වීමට රජය ගෙන තිබෙන තීරණය අනුව අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

Shiran Viraj

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Shiran Viraj

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

Shiran Viraj
Translate »