23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

පලෙයි ප්‍රදේශයෙන් එල්ටීටීඊ භූගත බංකරයක් සොයා ගනියි

කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබී එල් ටීටීඊ  සංවිධානයට අත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසයි.

ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම පවිත්‍ර කරන අවස්ථාවක අදාළ භූගත බංකරය දැක ඇති අතර, අනතුරුව ඉඩම් හිමිකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇත.

සොයාගත් භූගත බංකරය අඩි 35 ක් පමණ ගැඹුරින් යුතු වන අතර, ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවද පලෙයි ආරක්ෂක අංශ පැවසූහ.

එල් ටීටීඊ  සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ ගුවනින් හෙලන බෝම්බවලින් ආරක්ෂාවීම උදෙසා භූගත බංකර රැසක් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ ඉදිකොට තිබිණ.

සොයාගත් බංකරයද එවැනි ආකාරයේ බංකරයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Shiran Viraj

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj
Translate »