mediahumanrights.lk
NewsPolitical

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අද (26) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ  ඇමැති ජෝන් අමරතුංග මහතා පවසන බව “දිවයින” පුවත්පත වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවද මෙය විනය විරෝධී බවත්, ජෝන් අමරතුංග ඇමැතිවරයා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමට හදන ඇතැමුන්ට තමන්ගේ ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ බවත් එහිදී පවසා තිබේ.

ඒ මහතා වැඩිදුරටත් “එකට ආණ්‌ඩුවේ ඉඳලා ඇමැති තනතුරු ලබාගෙන පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම යුක්‌ති සහගත නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පැවසිය යුතුයි.” යැයි අමරතුංග මහතා පවසා තිබේ.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා මේ සම්බන්ධයෙන් ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් බව කියා සිටී.

පක්‍ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමා ගරු කරන බවද හෙතෙම සඳහන් කරයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයි

Shiran Viraj

නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

Shiran Viraj

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

Shiran Viraj
Translate »