mediahumanrights.lk
NewsPolitical

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ක්‍රියාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.
ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන්  ඊයේ (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළහ.
පොළොන්නරුව, ත්‍රීකුණාමලය, මඩකළපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක පදනම් කර ගනිමින් මෙම වගාව ප‍්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ යටතේ නව වගාබිම් හෙක්ටයාර් 6,000 ක පමණ වගා කටයුතු සිදු කිරීම අපේක්ෂිතය.
ගොවින් මඤ්ඤොක්කා වගාව සඳහා යොමුකර ඔවුන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා මෙම නව කර්මාන්ත ශාලාව තුළ පිටි බවට පත් කෙරෙන අතර, ඒ තුළින් සීනි නිෂ්පාදනය ද අපේක්ෂා කරයි.
මෙම ආයෝජන මඟින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නව රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවට සීනි ආනයනය සඳහා වැය වන අධික පිරිවැය ද අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ස්වීඩන තාක්ෂණය යටතේ ඉදි කෙරෙන මෙම නව කර්මාන්ත ශාලාවේ කටයුතු මෙම වසරේදී අරම්භ කිරීමට අපේක්ෂිතය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

Shiran Viraj

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

Shiran Viraj
Translate »