mediahumanrights.lk
International News News

හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට අද(06) දිනය තුළ පොලීසියට බාරවන ලෙස බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.
ඔහුට එරෙහිව එල්ල වි ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 12ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වෙයි.
ඔහුට වෙනම සිර මැදිරියක් සකස් කිරීමටත් අනෙකුත් සිරකරුවන්ගෙන් වෙන් කර තැබීමටත් අධිකරණය නියම කර තිබේ.
2003 වසරේ සිට 2011 වසර දක්වා බ්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ලූලා ද සිල්වාට එරෙහිව චෝදනා එල්ල වුවද එරට ආර්ථිකය ගොඩනගමින් කටයුතු කිරීම හේතුවෙන් මහජනතාව අධිකරණ තීරණයට දැඩි විරෝධය එල්ල කර තිබේ.
ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිස් සාඕ පෝලෝ නුවර විරෝධතාවයේ යෙදී සිටින බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි

Shiran Viraj