28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.
ගිවිසුම් කාලය නිමාවී ඇති නිසා ඔහු එලෙස රටින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ග්‍රැහැම් ෆෝර්ඩ් 2017 වසරේදී ධුරයෙන් ඉවත් වීමෙන් පසුව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වූ පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධුරයටද පත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් නිසා ඔහුව පන්දු රැකීමේ පුහුණුකරු කරමින් චන්දික හතුරුසිංහට ප්‍රධාන පුහුණුකරු ධුරය ලබාදුන්නා.
මේ සම්බන්ධයෙන් පොතාස් නොසතුටෙන් සිටි අතර ක්‍රිකට් ආයතනය සමග තිබූ ගිවිසුම් නිමාකර ඔහු මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

Shiran Viraj

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Shiran Viraj