mediahumanrights.lk
Local NewsNews

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වනවා. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මතද බදු පනවා තිබීම විශේෂත්වයක්.
මාසික වැටුප රුපියල් ලක්ෂයක් වන සේවා නියුක්තිකයින් බදු අය කිරීමෙන් නිදහස් කර තිබෙනවා. රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ 50,000 දක්වා මාසික වැටුප් ලබන්නන්ගෙන් සියයට 4ක බද්දක්ද, රුපියල් එක් ලක්ෂ 50,000 සිට ලක්ෂ දෙක දක්වා වැටුප් ලබන්නන්ගෙන් සියයට 8ක බද්දක්ද අය කිරීමටයි නව බදු ප්‍රතිපත්තිය යටතේ කටයුතු යොදා ඇත්තේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දෙලක්ෂ 50,000 දක්වා සියයට 12ක්ද, රුපියල් දෙලක්ෂ 50,000 සිට ලක්ෂ 3 දක්වා මාසික වැටුප් ලබන්නන්ගෙන් සියයට 16ක බද්දක්ද අද සිට අය කෙරෙනු ඇති. රුපියල් ලක්ෂ 3 සිට තුන් ලක්ෂ 50,000 දක්වා මාසික වැටුප් ලබන්නන්ගෙන් අයකෙරෙන බද්ද සියයට 20ක්. තුන් ලක්ෂ 50,000 ට වැඩි මාසික වැටුප් ලබන්නන්ගෙන් සියයට 24ක බද්දක් අය කිරීමට නියමිතයි.
මෙම බදු අය කිරිම සඳහා සේවා නියුක්තිකයෙකුගේ වැටුප්, කොමිස් මුදල්, අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා මෙන්ම ගෙවල් කුලී, විදුලි හා දුරකථන දීමනා සහ විනෝද දීමනා ඇතුලූ ඊට සමාන්තර ගෙවීම් රැසක්ද සලකා බැලෙනවා. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදු වලින් නිදහස් කර ඇති බවයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන්නේ.‍
මිට අමතරව නව බදු ක්‍රමය යටතේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැඛෙන පොලිය මතද සියයට 5ක බද්දක් පැනවීමට නියමිතයි. එමෙන්ම අමතර නිවාස, ඉඩම් හෝ වාහන පැවැති මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමෙන් ලැඛෙන ලාභය මතද බද්දක් හඳුන්වා දී තිබෙනවා.
මෙලෙස නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට බලපෑ හේතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිළි කළා.
ඔහු කියා සිටියේ සමාන්‍ය ජනතාවගෙන් අය කරන වක්‍ර බදු අවම කර ඍජු බදු ආදායම ඉහළ දැමීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇමතිකම් අත්හැරිය ශ්‍රීලනිප 16ට යළි ඇමතිකම් බාරගන්න විජයමුණි ඉල්ලයි

Shiran Viraj

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »