mediahumanrights.lk
Local News News

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

දිවයිනේ බොහෝ පළාත්වලට අද(26) සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

එබැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම්  ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj