mediahumanrights.lk
Local NewsNews

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන වියේ පසුවිය.
අසුව දශකයේ මුල් භාගයේ යොවුන් මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පත හා සම්බන්ධ වූ ඔහු ඉන් විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ පදවිය හෙබවීය.
ඔහු විසින් ලියන ලද නවකතා අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර ඒවායෙන් පුද්ගල මනෝභාවයන් සේම සමාජ විවරණයන්ද සියුම් අයුරින් ඉදිරිපත් වු බව විචාරකයන්ගේ පොදු අදහස විය.
දේහය දැනට රාගම කුරුකුලාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සිදු කිරීමට නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

Shiran Viraj

ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩි

Shiran Viraj

ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයි

Shiran Viraj
Translate »