mediahumanrights.lk
Local NewsNews

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (18) 28 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මීට පෙර ද මව විසින් මෙවැනි ක්‍රියා සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන වසරේ ඉගෙනුම ලබනවා.
දැරියගේ පියා කුලී වැඩ කරන අතර, ඔවුන්ට තවත් වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
එම දරුවා ආබාධිත තත්ත්වයෙන් පසුවන බවද වාර්තාවනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Shiran Viraj

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

Shiran Viraj
Translate »