28.4 C
Colombo
2026-02-27
mediahumanrights.lk
Local NewsNews

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ.
මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය. ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන වරටයි. වැඩසටහන් කාලය මාස දහයකි. ඒ සඳහා ශ්‍රීලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් හා ආසියා පැසිපික් කලාපයේ රටවලින් මෙවර තෝරාගෙන ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 16 කි.
මීට අමතරව අප්‍රිකානු කලාපයේ රටවලින් ද මාධ්‍යවේදීන් 30 දෙනෙකු සහභාගී වී සිටී. චීනය හා අනෙකුත් රටවල් අතර සමීප සබඳතා තරකර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
එහි සමාරම්භක උත්සවය ඊයේ (27) පැවැත්වුනේ , චීනයේ බීජිං නුවරදීයි. චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනයේ උප සභාපති හූ ජවන්ගො ( HU zhengyue) මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙම වැඩසටහනටඑක්වන මාධ්‍යවේදීන් නියෝජනය කරන රටවල තානාපතිවරුන්ට මේ සඳහා ආරාධනාකර තිබුණි. චීනයේ ප්‍රධාන දේශපාන ක්‍රියාකාරකම් , රාජ්‍යතාන්ත්‍රික සිද්ධින් ආදිය ආවරණය කිරීමටත් , එරට අමාත්‍යවරුන් හා ප්‍රධාන පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත් මෙහීදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවේ.
මීට අමතරව සාම්ප්‍රදායික චීන සංස්කෘතිය පිළිබඳව අවබෝධය ලබගත හැකිය. සමාජ , ආර්ථික , දේශපාලන ආදි ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ දේශනද සංවිධානය කර ඇත. එම සියලු දේශන “රෙන්මින් ,, විශ්වවිද්‍යාලයේ දී සතිපතා පැවැත්වේ.
චීනයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ( CIPC) , චීන – ආසියා පැසිපික් මාධ්‍ය කේන්ද්‍රය (CAPPC), චීන – අප්‍රිකා මාධ්‍ය කේන්ද්‍රය (CAPC) යන ආයතන ඒකාබද්ධව මෙම මාධ්‍ය හුවමාරු වැඩසටහන මෙහෙයවයි. 2018 වැඩසටහන ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Shiran Viraj

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Shiran Viraj

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj
Translate »