mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි. මේ සඳහා මොරගහකන්ද සහ වික්ටෝරියා ජල පෝෂක ප්‍රදේශවල හෙක්ටයාර් 50,000ක වන වගාවක් අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලෝක හරිත අරමුදලෙන් ලැබී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානයක මහතා පවසයි.
මේ අනුව මොරගහකන්ද ජල පෝෂක ප්‍රදේශයේ හෙක්ටයාර් 25000ක හා වික්ටෝරියා ජලපෝෂක ප්‍රදේශයේ කෙක්ටයාර් 25,000ක වනවගා කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.
මාර්තු 31 දිනට යෙදී ඇති ලෝක වනාන්තර දිනය සැමරීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී ලේකම්වරයා මේ බව
පැවසීය.
මෙවර ලෝක වනාන්තර දිනය සැමරීමේ ශ්‍රී ලංකාවේ තේමාව වන්නේ,” වනාන්තර සහ තිරසර පුරවර ”යන්නයි. මෙයට අමතරව මාර්තු 21 දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ එක්ව
නගරාස්‍රිතව පැලසිටුවිමේ වැඩසටහනක් අරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
එහි ප්‍රධාන වැඩසටහන කොළඹ නගරසභාව සමඟ එක්ව මාර්තු 21 දා පෙ.ව.10.00ට මට්ටක්කුලිය කාකදූපතේ පිහිටි නාගරික උද්‍යානයේ දී පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා පැවසි ය.
වනවගා වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල පාලනය යටතේ පවතින වතුවල වගා නොකොට හැරදමා ඇති බිම් ප්‍රදේශයන්හි අලුතින් වනවගාකිරීම සඳහා මහවැලි සංවර්ධන හා පාරිසරික අමාත්‍යාංශය
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යයි.
වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ,අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එම්.ඒ.බී. වන්නිනායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් පිරිසක් ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.

(under the courtesy of news.lk news web)

Related posts

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

Shiran Viraj

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

Shiran Viraj
Translate »