2026-01-21
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයි

ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක වෙනු ඇති.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ යතුරු පැදි හිස්වැසුම්වල ප‍්‍රමිතිය සම්බන්යෙන් සියලූ ආයතන දැනුවත් කර ඇති බවයි.
මෙම වැටලීම් සිදු කරන්නේ කෙසේදැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාගෙන් නෙත් නිවුස් ප‍්‍රශ්ණ කළා.
එහිදී ඔහු කියා සිටියේ ප‍්‍රමිතියෙන් තොර හිස්වැසුම් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් මේවනවිට ශී‍්‍ර ලංකාව සතු බවයි.
කාන්තාවන් පදවන යතුරු පැදි සඳහා ලබා දෙන ආරක්ෂිත හිස්වැසුමේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන්ද මීට පෙර විවිධ අදහස් පළ වුණා. ඒ පිළිබඳවද තෙන් නිවුස් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ වන විට කාන්තාවන් වැඩිපුරම යතුරුපැදි මිළදී ගැනීමට පෙළඹී සිටින බැවින් කාන්තාවන් භාවිතා කරන හෙල්මට් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Shiran Viraj
Translate »