28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු ගම් වාසීන් විසින් අල්ලා පහර දී යාපනය පොලීසියට භාර දී තිබෙනවා.
කොකුවිල් ප්‍රදේශයේ පිහිටි මෝගන් අශෝක් කුමාර් නැමති ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයාගේ නිවසට මෙලෙස ඊයේ රාත්‍රි  7.30ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙක එල්ල වී තිබුණා. අදාළ ප්‍රහාර දෙක සමගින් නිවසේ ගින්නක් හටගෙන ඇති අතර ප්‍රදේශවාසින්ද පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් තුවල ලැබූ ප්‍රහාරයට පැමිණි සැකකරුවන් දෙදෙනා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අදාල ආවා කල්ලි සාමාජිකයා තම ගම්මානවල තරුණයින්ට සිදු කල හිරිහැරයන් නිසාවෙන් ඇති වූ කෝපය නිසා බවයි.
යාපනයේ කොණ්ඩාවිල්හි පදිංචි චන්ද්‍රේ කුමාර් අයින්කරන් හා කන්කසන්තුරෙ හි පදිංචි සුරේස් කුමාර් තෙලියන් යන දෙදෙනා මෙම ප්‍රහාරය සඳහා පැමිණ තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj