2026-09-07
mediahumanrights.lk
NewsPolitical

අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයි

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
සාක්ෂි විභාගය අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබාතිබීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ත් තුසිත පී. රාගල මහතා විසින් සාක්ෂි විභාගය එදින දක්වා කල් දැමූ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
ඒ අනුව ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අතිරේක මහේත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍ය ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්තය විසින් එම අමාත්‍යශයට පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමින් යුත් වාහනයක් සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගෙන රජයට රුපියල් දස ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ඒ.එච්.එම්. ෆවුසි අමාත්යෝවරයාට එරෙහිව අල්ලස්  කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානය

Shiran Viraj

උසස් පෙළ ප්‍රතිඵල අද

Shiran Viraj
Translate »