mediahumanrights.lk
NewsPolitical

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය සඳහා අමාත්‍යංශ කිහිපයක මැදිහත් වීමෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සහ පෙරහැර අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
මේ අතර ජල ගැලීම් පාලනය කිරීම සඳහා ගිං ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව සරත් ෆොන්සේකා පවසයි

Shiran Viraj

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Shiran Viraj

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Shiran Viraj
Translate »