mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්

පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම  ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.
මෙවර මැතිවරණය, බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි වචන අසන්නට නොලැබුණු බවත් මෙම කටයුත්ත සඳහා පුරෝගාමී වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට හා රාජ්‍ය නිලධාරීන්ටද, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ටද, සියලුම දේශීය හා  විදේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන නියෝජිතයන්ටද කථානායක වරයා විසින් ස්තුතිය පල කර තිබේ.
ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින්  ජනතාව වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි  කථානායක වරයා විසින් පත්වු ජනතා නියෝජිතයන්ට සුබපැතුම් එක්කර ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්

Shiran Viraj

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Shiran Viraj

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Shiran Viraj
Translate »