mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලය

ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා. එහිදී, කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා වී ඇති අතර, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඉදිරියේදී කටයුතු කිරීම පිිළිබඳ තිරණ ගැනීමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
එහිදී සාකච්ඡා වූ තවත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ රටේ විශ්වාසයක් ගොඩනැගිය හැක්කේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමෙන් පමණක් බවයි.
පළාත් පාලන මැතිවරණයෙන් සිය පක්ෂය නියෝජනය කරමින් තේරී පත් වූ සභිකයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සහ නීති මාලාවක් සැකසීම කෙරෙහි ද සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Shiran Viraj

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj
Translate »