mediahumanrights.lk
NewsSportsSports News

මාලි ටීම් එකේ නැති එක ගැන දයාසිරි කියන කතාව මෙන්න..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විවේක ගැන්වීම පිළිබඳව තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසා සිටි බවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇති බව තේරීම් කමිටුව පැවසූ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා ඇත.
“බංග්ලාදේශ සංචාරයට ඔහු විවේක ගන්වා තිබෙනවා කියා වාර්තා පළවෙනවා. තේරුම් කමිටුවත් සමග සාකච්ඡා කළාම කිව්වේ තරුණ ක්‍රීඩකයන් සම්බන්ධ කර ගත යුතුයි කියලයි.
කවුරුවත් එළියට දාන්නවත්, ඇතුළත ගන්නත් අපට අවශ්‍යතාවක් නැහැ. හතුරුසිංහත් ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වෙනවා. සමහර එළියෙන් තබපු ක්‍රීඩකයන් ගැන මම සාකච්ඡා කළා. මට බලහත්කාරයෙන් නමක් දාන්න අවශ්‍ය නැහැ.”යැයි පවසා සිටියේය.
ඇත්තටම මම ඒකට සම්බන්ධ වුණේ නැහැ.මම කරපු ප්‍රකාශයකටයි ඔහු එහෙම කියලා තිබුණේ.වෙන ඇමති වරයෙක් නම් ඔහුට වෙන දඬුවමක් දෙන්නේ.මම ඔහු ගැන කල්පනා කළේ වෙනත් විදියකට.මම එතැනින් පස්සෙත් ඔහු හමුවෙලා සාකච්ඡා කළා.වෛරයක් හිතේ තියාගෙන මම වැඩ කරන්නේ නෑ. ඔහුගේ වැරදි වචන පාවිච්චියට මට කරන්න දෙයක් නෑ .ඉගනීම පිළිබඳ ප්‍රශ්ණයක් එතැන තියෙන්නේ.
කෙසේ වෙතත් ඒ රන්ඩුවෙන් පස්සේ ඔහු ක්‍රීඩා කළා.මමත් මේ සම්බන්ධයෙන් තේරීම් තමිටුවෙන් හේතුව ඇහුවා.ඔහුව විවේක ගන්නනවා කියලයි කිව්වේ.පසුගිය කාල වකවානුවේ ලසිත්ගේ දක්ෂතා පිළිබඳවත් ඔවුන් සළකා බලන්නම් කීවා..ඉන්දියානු සංචාරයට දාපු සමහර ක්‍රීඩකයන් ගැන මගෙත් කැමැත්තක් තිබුණේ නෑ.මට බැහැ බලහත්කාරයෙන් නමක් ලියලා දාන්න.අන්තිමට මම පත්කරපු තේරීම් කමිටුවට එරෙහිව ගියා වෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…

Shiran Viraj

නැවත පැමිණි ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අවවාදයක්

Shiran Viraj

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj
Translate »