mediahumanrights.lk
Local NewsNews

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී 01 සහ 02 යන දිනවලදී තමන් අයිති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවේ.
සියලූ තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 18 වනදාට පෙර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස තැපැල දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් මස දෙවනදාගෙන් අවසන් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Shiran Viraj

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj

දෙරණ ‘360’ සංවාදය: ආණ්ඩුව සහභාගී නොවීම පිළිබඳව කළිඳු කරුණාරත්නගේ පැහැදිලි කිරීම

Shiran Viraj
Translate »