29 C
Colombo
2026-02-26
mediahumanrights.lk
NewsSportsSports News

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගතවීමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට යළිත් වරක් ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකටද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වුණා.
ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට ගිය මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට මෙවර ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙන්නේ.
මීටර් 800 ධාවන ශූරියන් වන නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු ඊයේ (29) රාත්‍රීයේ ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එ් 8 වැනි ආසියානු ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහායි. අදාළ ගුවන් ටිකට් පත් ලබා දී තිබුණද එ් සඳහා ආසන වෙන් කිරීම තහවුරු නොකිරීම හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළි සිය නිවෙස් බලා එ්මට සිදු වූ බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.
වැඩිදුර සොයා බැලීමකදී හෙළි වුණේ අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කළ ආයතනයට ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් නොගෙවීම හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අපහසුතාවයට පත්වීමට සිදු වූ බවයි.
කෙසේ වෙතත් අද (30) පස්වරුවේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසන වෙන්කර ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්කර හැරීමට බලධාරීන් කටයුතු සලසා දී තිබෙනවා.
8 වැනි ආසියානු ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පෙබරවාරි මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි. බලධාරීන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් කල්වේලා ඇතිව එ් සඳහා පිටත්ව යාමට නොහැකි වීම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මානසික පීඩනයක් ඇති කරන්නටද හැකි බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද විමසීමක් කළා. විමතියට කරුණ නම් ඒ වන විටත් එවැන්නක් සිදු වී ඇති ඔබ ඔහු නොදැන සිටීමයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් එකවර සිනමා පටයකට තෝරා ගැනෙයි

Shiran Viraj

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

Shiran Viraj
Translate »