mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
ඊට අමතරව, වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රීවරයකු හා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්වත්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා ද සිරිසේන මහතාට සහය දැක්වීමට එක්ව ඇත.
ඔවුන් අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමුව මේ බැව් දැනුම්දී තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනී

Shiran Viraj

සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගම

Shiran Viraj
Translate »