mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්න

උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ  උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට පළමුව එය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්  අත්සන් තැබීමට නියමිතයි.
මීළඟ කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර  ටෙන්ඩර් කැඳවා  සීමිත දින ගණනක් තුළ ටැබ් පරිගණක ලබා දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බැංකු පොලිය ඉහල දැමේ

Shiran Viraj

උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්න

Shiran Viraj

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj
Translate »