mediahumanrights.lk
Local NewsNews

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත ජලය ලබාගැනීම නියාමනයකට යටත් කරනු ලැබේ.
ඒ අනුව නළ ළිං ඉදිකිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අංක 2010 / 23 දරන 2017 – 03 – 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වෙයි.
එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්, නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

(under the courtesy of news.lk news web)

Related posts

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Shiran Viraj

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj
Translate »