mediahumanrights.lk
Local News News

පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයි

අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා සමග ඉකුත් දින දෙකේ දී පැවති සාකච්ඡාවල දී එළඹි තීරණයන් පදනම් කර ගනිමින්.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට තැපැල් වර්ජනයක් ආරම්භ කිරීමටයි තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබුණේ. ඒ අනුව පැවති සාකච්ඡාවල දී එළඹි තීරණ කවරේදැයි නෙත් නිවුස් ඔවුන්ගෙන් විමසීමක් කළා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ කඩිනමින් විසඳුම් ලබා දෙන බවත් මැතිවරණය නිම වූ වහාම විසඳුම් ලබා දෙන බවට වූ පොරොන්දුව මත මෙම වර්ජනය අත්හැරීමට පියවර ගත් බවයි.
සුපුරුදු පරිදි තැපැල් ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා සිය දායකත්වය ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. තැපැල් ඡන්ද පත‍්‍රිකා හෙට (11) තැපෑලට භාරදීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

Shiran Viraj

වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනී

Shiran Viraj