mediahumanrights.lk
International NewsNews

කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEO

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ද බලපෑම් සිදුව ඇත්දැයි අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
කෙසේවෙත් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් සිදුව ඇතැයි මේ දක්වා වාර්තා නොවූ බවයි එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ.
මහ වැසි සමග ඇතිවූ ගංවතුර සහ මඩ හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආපදා තත්ත්වයක් පවතිනවා.
මිය ගොස් ඇති සංඛ්‍යාව 17 දෙනෙක්. තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඇතැම් පිරිස් තවමත් ගංවතුරට කොටුවී සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලැව් ගිනි සහ පස් කඳු කඩා වැටීම් නිසා ද අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඉකුත් සමයේ ආපදා තත්ත්වයන් වාර්තා වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියි

Shiran Viraj

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

Shiran Viraj

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

Shiran Viraj
Translate »