mediahumanrights.lk
Local NewsNews

කුලියාපිටියේ මල් කැකුළක් අකාලයේ මිලිනකරලා

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිදියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිදක පාවෙමින් තිබියදී පියා විසින් අද (22දා)සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක දැරියකි.
එම දැරියගේ සීයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි කුලියාපිටිය පොලිසිය සැක පලකරන්නේ.
සිද්ධිය වූ දින රාත්‍රියේ මෙම සැකකාර සියා බීමතින් සිට ඇති අතර දැරිය නිදා සිටියදී හැද සිටි බව කියන කමිසය ළිදෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණ ආරම්භකළ බව කුලියාපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග කුලියාපිටිය පොලිසිය විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සළසා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවෙ වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී

Shiran Viraj

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Shiran Viraj

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

Shiran Viraj
Translate »