mediahumanrights.lk
NewsSportsSports News

අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්

ශ‍්‍රී ලංකාව සමග අද (20) පැවැත්වෙන පන්දුවාර 20 පළමු ක‍්‍රිකට් තරගයේදී නවක ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය කණ්ඩායමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා.
ජේදව් උනඞ්කාට්, මොහොමඩ් සිරාජ්, බැසිල් තම්පි ඒ අතරින් ප‍්‍රධානයි.
ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයින් වන විරාත් කෝලි, ශිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් අද තරගයට සහභාගී වන්නේ නැහැ.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි පැවසෙන්නේ.
ආබාධයකට ලක්ව යළි ශ‍්‍රී ලංකා සංචිතයට එක්වූ කුසල් ජනිත් පෙරේරා ද අද තරගයට එක්වනු ඇති බවට වාර්තා පළ වනවා.
තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00ට ආරම්භ කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයි

Shiran Viraj

වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයි

Shiran Viraj

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Shiran Viraj
Translate »