mediahumanrights.lk
NewsPolitical

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ඊයේ දිනයේදී සිදු කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලැබුවේ, ජගත් පී. විජේවීර මහතායි.
අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එම්. අධිකාරි, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඩී. ජි.එම්. වී හපුආරච්චි යන මහත්වරුන් පත් කර තිබේ.
විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතායි.
තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස ආර්. එම්. ඩී. බී මිගස්මුල්ල මහතා පත් කර ඇත.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Shiran Viraj

නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති

Shiran Viraj
Translate »