mediahumanrights.lk
NewsPolitical

ජී.එල්ටත් නීතිය උගන්වන්න සූදානම් වන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සිරිකොතට එන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට ඇරයුමක්

පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
නමුත් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (15) පැවත්වූ  මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත චෝදනා කළේ තමන්ගේ පක්ෂයේ නාම යෝජනාවල සුළු අඩුපාඩු පැවතිය ද එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනාවල විශාල අඩුපාඩු දක්නට ලැබුණු බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍රවල පක්ෂය නම ලිවිය යුතු ස්ථානයේ පක්ෂයේ මහ ලේකම්වරයාගේ නම යොදා තිබු බවත් එය බරපතල අඩුපාඩුවක් බවත් ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් සුළු අඩුපාඩු සහිත තමන්ගේ නාම යෝංනා ප්‍රතික්ෂේප වුවද බරපතල අඩුපාඩු සහිත එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනවා පිළිගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස්  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගෙන් විමසා සිටියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සියයට සියයක් නිවැරදි බවයි.
ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ආකාරයේ කිසිඳු අඩුපාඩුවක් තම පක්ෂයේ නාම යෝජනාවලි නොතිබු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
දිවුරුම, දිවුරුම් දිනය නොමැති වීම, පක්ෂයේ මහලේකම්වරයා අත්සන් නොකිරිම සුළු අඩුපාඩු නොවන බවත් ලැජ්ජාව වසං කිරිම සඳහා එය සුළු අඩුපාඩු ලෙස ඒකාබද්ධ විපක්ෂය අර්ථ දක්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මන්ත්‍රී ජී.එල්. පීරිස්ගෙන් උපදෙස් නොගෙන වෘත්තීමය නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙසත් ඒකාබද්ධ විපක්ෂයට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම නීතිය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට අවබෝධ කර දීමට සුදුසුම ස්ථානය සිරිකොත මන්දිරය බවත් එහි ගොස් නීතිය පිළිබඳව දැනුම ලබා ගන්නා ලෙසත් ඔහු කියා සිටියා.
ප්‍රතික්ෂේප වූ නාම යෝජනා හැර අධිකරණ ක්‍රියාමාර්ග මගින් ප්‍රතික්ෂේප කළ හැකි නාම යෝජනා කිහිපයක් ද වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?

Shiran Viraj
Translate »