2026-09-07
mediahumanrights.lk
NewsPolitical

කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිදුකළ ආරාධනාව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඔමාර් කාමිල් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, ඔහු වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු නම් කර කොළඹ මහ නගර සභාවේ නාමයෝජනා පත‍්‍රය අද (21) දිනයේ භාර දීමටයි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද කොළඹ මහ නගර සභාව වෙනුවෙන් අද නාමයෝජනා භාර දීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝසි සේනානායකට හිමිව තිබෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද් සාලි තරග කිරිමට නියමිතයි. එම නාමයෝජනා පත‍්‍රය ද අද භාර දීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

Shiran Viraj

එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj
Translate »