25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් සඳහා ද ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ නව වැඩපිළිවෙලක් සකසා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනාරාල් වියානි ගුණතිලක කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛයක් මේ වනවිටත් ග්‍රාම නිලධාරීවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවයි.
ඒ යටතේ උප්පැන්න සහතිකය ඇතුළු මූලික ලිපි ලේඛන නොමැති පුද්ගලයින්ට ද ජාතික හැඳුනුම්පත සකසා ගැනීම සඳහා නව ආකෘති පත්‍රයක් හඳුන්වා දී ඇත.
උප්පැන්න සහතිකය නොමැති පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් තුන්දෙනෙකුගේ තොරතුරු එම ආකෘතියට ඇතුළත් කළ යුතුය. එලෙස ඇතුළත් කළ යුත්තේ දැනට ජාතික හැඳුනුම්පත් තිබෙන ඥාතීන් තුන්දෙනෙකුගේ තොරතුරුය.
එමෙන්ම ජාතික හැඳුම්පත අයදුම්කරන පුද්ගලයාගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ඔහු හෝ ඇය පදිංචි ප්‍රදේශයේ ජාතික හැඳුනුම්පත් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ තොරතුරු ද නව ආකෘතියට ඇතුළත් කළ යුතු වේ.
ඊට අමතරව උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අයදුම් කරන්නාගේ දිවුරුම් ප්‍රකාශයක් ද ලබා ගැනීමට උපදෙස් දී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.
එම සුදුසුකම් සම්පූර්ණ කර අදාළ ආකෘති‍ පත්‍රය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.
එලෙස අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයින් ශ්‍රී ලාංකිකයින් ලෙස තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.
නව ක්‍රමවේදය යටතේ මේ වනවිටත් අයදුම්පත් ලැබෙමින් පවතින බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්

Shiran Viraj

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Shiran Viraj

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Shiran Viraj
Translate »