mediahumanrights.lk
NewsPolitical

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ඊයේ දිනයේදී සිදු කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලැබුවේ, ජගත් පී. විජේවීර මහතායි.
අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එම්. අධිකාරි, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඩී. ජි.එම්. වී හපුආරච්චි යන මහත්වරුන් පත් කර තිබේ.
විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතායි.
තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස ආර්. එම්. ඩී. බී මිගස්මුල්ල මහතා පත් කර ඇත.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Shiran Viraj

ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..

Shiran Viraj

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj
Translate »