26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
NewsPolitical

වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී.බී, දිලුම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි? මන්ත්‍රී ධුරත් අහෝසි වන ලකුණු

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වන එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇතැයිද වාර්තා වේ.
මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පසු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මෙහිදී අවධානයට යොමුවී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් අතරේ හවුල් ගිවිසුමක් ඇති කරගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එවැනි හවුලකට දැඩි විරෝධය පළ කරන වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී.බී, දිලුම් වැනි මන්ත්‍රීවරුන් පළමු වටයේදීම ඉවත් කර දැමිය යුතුයැයි එක් ඇමැතිවරයෙකු එහිදී පවසා ඇතැයිද වාර්තා වේ.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…

Shiran Viraj

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj
Translate »