mediahumanrights.lk
NewsPolitical

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර තිබේ.
ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් සිව්නමක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  අත්අඩංගුවට ගැනීමට යන බවට පැතිර ගිය පුවත ගැන කරුණු විමසීමට නායක හිමිවරුන් ජනාධිපතිවරයා මුණගැසී ඇත. මෙම භික්ෂු නියෝජිත පිරිසට ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමියෝද, ඇල්ලේ ගුණවංශ හිමියෝද, ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, කොටපොල අමරකිත්ති හිමියන් සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝද ඇතුළත් වූහ.
මෙම සාකච්ඡාව යන අතරතුර මතුවූ ප්‍රශ්න සම්බන්ධයෙන් නායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා තමන් සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පසුගියදා සිදුවූ බව ප්‍රකාශ කර ඇත. එහිදී ශ්‍රී.ල.නි.ප. අනාගතය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා සමග දීර්ඝ සුහද කතාබහක් පැවැත්වූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එහෙත් එම කතාබහේ තොරතුරු ජනාධිපතිවරයා නායක හිමිවරුන් වෙත දැනුම් දී නැත.
මහින්ද මෛත්‍රි හමුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එක්ව ඇතැයි වාර්තා වන අතර එය ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නිවසේ පැවති බව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා ගණනාවකින් ඉඟිකර තිබිණි.

(under the courtesy of hitnews.lk news web)

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Shiran Viraj

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

Shiran Viraj
Translate »