mediahumanrights.lk
Local NewsNews

තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයි

පසුගිය දා ඇති වූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රරමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
අදාළ වාර්තාව එම අනුකමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා වෙත භාර දී දුන්නේ ය.
ඉකුත් 03 වැනි දා සිට සතියකට ආසන්න කාලයක් රට පුරා පෙට්‍රල් හිඟයක් ඇතිවුණේ ලංකා ඉන්දීය ඔයිල් සමාගම මෙරටට ගෙන් වූ පෙට්‍රල් නිසි පිරිවිතරයන්ට නොතිබීම හේතුවෙනි.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන්වනු ලැබූ පෙට්‍රල් නෞකාවක් ද දිවයිනට ළඟාවීම ප්‍රමාද වීම රට පුරා ඇති ව තිබූ පෙට්‍රල් හිඟය තවත් උග්‍ර කිරීමට හේතුවක් විය.
පැවති තත්ත්වය හමුවේ ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය අනු කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය 07 වැනිදා ය.
(under the courtesy of hitnews.lk news web)

Related posts

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

Shiran Viraj

අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..

Shiran Viraj

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

Shiran Viraj
Translate »