26.1 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය, සංවිධානය කරනු ලබන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භවිමට නියමිතව තිබේ.
“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරිම – බහුපාර්ශ්වික ප්‍රතිචාර“ යන තේමාව යටතේ රුසියාවේ මොස්කව් හිදී හෙට සහ අනිද්දා(17) යන දෙදින මෙම සමුළුව පැවැත්වෙන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය  සඳහන් කළේය.
මෙම සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන නායකයින්, සිවිල් සමාජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ වෙළඳ ප්‍රජාව ද සහභාගී වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමුළුව සඳහා සහභාගීවීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේ

Shiran Viraj

කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයි

Shiran Viraj

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

Shiran Viraj
Translate »