23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

අකිල මොන්ටිසෝරියේ කොලිටි එක උස්සන්න යයි

පෙර පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම  සඳහා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පෙර පාසැල් අධ්‍යාපනය දරුවන්ගේ ජීවිතවල මූලික පදනම සකස් කරන බැවින් ඒ සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර සහය ලබා ගනිමින් පෙර පාසැල් ගුරුවරුන් පුහුණු කිරීම, පෙර පාසැල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සිදුකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

Shiran Viraj

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Shiran Viraj

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

Shiran Viraj
Translate »