mediahumanrights.lk
BusinessBusiness NewsNews

JR ගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්

මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇතැයි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමිනි.
“ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්. අධ්‍යාපනය සෞඛ්‍යක් ක්ෂේත්‍රයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයටත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. තිරසාර සංවර්ධනයකට මින් පදනම වැටි තිබෙනවා. අයවැයෙන් සහන ලබා දෙන්නේ නියගය ගංවතුර වැනි තත්ත්වයන්ට රජය මුහුණ දීමෙන් පසුවයි. ජනතාවගේ ජන ජීවිතය අවුල් වන ආකාරයේ විරෝධතා ව්‍යාපාර කිරිම නරක තත්ත්වයක් දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රචාරයක් ලබා ගන්නටයි ඔවුන්ට උවමනා.
මේ කටයුතු ජාත්‍යන්තරව බලපානවා.අපනයන කටයුතුත් මින් කඩා වැටීමට ඉඩ තිබෙනවා.දේශපාලන බංකොළොත්කාරයින් තමයි මේවා කරන්නේ.පරිසර හිතකාමී යෝජනා කිහිපයක්ම මේ අයවැයට ඉදිරිපත් කර තිබෙනවා.රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමේ අභියෝගය මේ රජයට තිබෙනවා.”

(under the courtesy of adaderana.lk news web)

Related posts

මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයි

Shiran Viraj

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Shiran Viraj

විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි

Shiran Viraj
Translate »