mediahumanrights.lk
Local NewsNews

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ඒ සම්බන්ධ විවිධ සේවාවන් සඳහා බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලය මෙම මස 25 වැනි දින (සෙනසුරාදා) විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එදින හැඳුනුම්පත් අවශ්‍යතා හා ඒ සම්බන්ධ ගැටලු විසදා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව සලසා ඇතැයිද කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරයි.
මෙතෙක් ජාතික හැඳුනුම්පත ලැබී නොමැති වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පාසල් සිසු සිසුවියන්ට සිය මවුපියන් සමඟ පැමිණ අදාළ ගැටලු විසඳාගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Shiran Viraj

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Shiran Viraj

කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්න

Shiran Viraj
Translate »