27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකා හමුදාවට එකම චෝදනාව මත අධිකරණ දෙකක නඩු දෙකක් දාලා

යුද සමයේ 1996 ජූලි මස 19 වැනිදා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදහන්වු පුද්ගලයින් 24 දෙනෙකු සම්බන්ධයෙන් වන නඩුවක් ඊයේ (09) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉදිරියේ විභාග කිරීම ආරම්භ කරනු ලැබීය.
1996 ජූලි මස 19 වැනිදා යාපනය නාවට්කුලි ප්‍රදේශයේදී අතුරුදහන්වු තරුණයින් පිරිසක් සම්බන්ධයෙන් අදාළ නඩුව ගොනු කොට ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.
නඩු විභාගය කැඳවමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා පැවසූවේ අදාළ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නැවත එළැඹෙන 14 වැනිදා කැඳවීමට කටයුතු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක අංශයන්ගෙන් සිදුකළ විමසීමකදී යාපනය ආරක්ෂක අංශ පැවසූවේ පුද්ගලයින් පිරිසක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් නැවත නඩුවක් ගොනු කොට ඇති බවයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් 2002 වසරේදී යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කොට පැවති අතර අදාළ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මූලික නඩු විභාගය 2002 වසරේදී චාවකච්චේරි දිසා අධිකරණයේ පවත්වා ඇති බවයි.
නඩු විභාගය චාවකච්චේරි දිසා අධිකරණයේදී පවත්වාගෙන යන අවස්ථාවේ එවකට යුද හමුදාපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමක් මත අදාළ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයට මාරුකොට ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.
නඩුව 2003 වසරේ සිට අනුරාධපුර මහාධිකරණයේ විභාගවුවද කිසිදු නිගමනයක් නොලද බැවින් නීතිඥයින් මාර්ගයෙන් නැවත යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කළ බවද අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසීය.‍

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

Shiran Viraj

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj
Translate »