27.8 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ වැඩ තහනම්

සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ ඊයේ (10) සිට තහනම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය අද නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩල නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු කටයුතු කිහිපයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Shiran Viraj

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

Shiran Viraj

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Shiran Viraj
Translate »